About Us

Debarawewa Central College National School Logo
College Chest/Logo

H/Debarawewa Central College (National School)

School Name: H/Debarawewa National College

School Category: 1AB Super

Educational Zone: Hambanthota

Educational Division: Tissamaharama 

Educational Province: Southern

School Number (for Examinations): 09043

School Registration Number: 08229

Office/Fax: 047 2237 314

Email: info@debarawewacollege.lk

Address: Debarawewa, Thissamaharama, Sri Lanka.

 

පාසල් ගීතය

සාදරෙන් පුදමූ – පා ඔබේ මවුනී
මේ සිසුන් මතු ජීවීතේ රකිනා උතුම් මවුනී
දෙබරවැව විදුමාතා – දින දින සැරදේවා………….//

ධීර සාර ගුණ සූර වීර බල ජීවිතේම දරමූ
මාර සෙනඟ වුව වීර හදින් අපි නිති පෙරමුණට යමූ
නෑර නොඅඩු යුතුකම් ගුණදම් දුටු සැම තැන හිස නවමූ
ජාති ජාති එක මවකගේ දරුවන් ලෙස අපි දිවි ගෙවමූ

දෙබරවැව විදුමාතා – දින දින වැජඹේවා………….//

තබන තබන පාදයක් නෑර රන් මිණි ජය දද බන්දා
ගයන වයන ගීතයක් නෑර රන් මිණි නාදය කැන්දා
සවන පිනන අප නිජ භූමිය වෙත සිරි දෙව් දුව කැන්දා
රුවින දිලෙන පුරවැසියන් වෙමු අපි ඔබ නම ලක රන්දා

දෙබරවැව විදුමාතා – දින දින වැජඹේවා………….//

 

තනුව, පද රචනය හා මුල් ගායනය හිටපු සංගීතාචාර්යය ස්ටීවන් මහතා

Flag
පාසල් ධජය

පාසලේ දැක්ම

 දක්ෂිණ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ද්වීතික අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත්වීම.

මෙහෙවර

ප්‍රවේශ වන සියලුම දරුවන්ට සමාන අවස්ථා සලසමින් දැනුම, ආකල්ප, කුසලතා වලින් පිරි මනා පෞරුෂත්වයක් ඇති විශ්වීය අභිෂග ජයගත හැකි පුරවැසියන් බිහිකිරීමට ඵලදායීව හා ස්වයං අභිප්‍රේරණයෙන් යුත්කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම.

පාසල පිළිබඳ ඓතිහාසික තොරතුරු හා පසුබිම

  • 1936 ජුලි 06 දින ඩී.ඩී. සේනානායක මුහන්දිරම් මහතා විසින් නැසීගිය තම පුතු නීතීඥ බී. සී. සේනානායක මහතා සිහිවීම පිණිස තමා සතුවූ පෞද්ගලික ඉඩමක මෙම පාසල ආරම්භයට කටයුතු කර ඇත.
  • ශිෂ්‍ය ශිෂ්‍යාවන් 26 ‍දෙනෙකුගෙන් ඇරඹි පාසලේ මුල් ගුරුතුමා වී ඇත්තේ එස්.ජී.එස්. නන්දසේන ගුරු මහතාය. ටී.කේ.රොසලින් මහත්මිය පළමු ගුරුතුමිය වූ අතර ආර්. පී. පැන්ටිස් මහතා පාසලට ඇතුළත් වූ පළමු ශිෂ්‍යයා විය.
  • 1938 මැයි 02 දින පාසල රජයට පවරා ගෙන “දෙබරවැව ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාව” ලෙස නම් කරන ලදී.
  • 1946 අගෝස්තු 29 දින සී. ඩබ්ලිව්. ඩබ්ලිව්.කන්නන්ගර මැතිතුමා මෙම පාසලට පැමිණ “දෙබරවැව කනිෂ්ඨ විද්‍යාලය” ලෙස මෙම පාසල  උසස් කර ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද විෂයන් ඉගැන්වීම ආරම්භ කර ඇත.
  • 1960 වසරේදී  “රුහුණු මහා විද්‍යාලය” ලෙස පාසලේ නම වෙනස් කර නැවත 1962 වසරේදී ආදි ශිෂ්‍ය යෝජනාවක් අනුව “සේනානායක මහා විද්‍යාලය” ලෙස නම් කර ඇත.
  • 1970 වසරේදී විදුහල්පතිවරයාව සිටි ආර්. බී. සූරසේන මහතා පාසලේ එළිමහන් රංගපීඨයක් ඉදි කරන ලදී. පාසලේ උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කලේද එතුමාය. වර්තමානයේ ආර්. බී. සූරසේන අනුස්මරණ එළිමහන් රංගපීඨය ලෙස නම්කර ඇත්තේ එතුමා මුල් වී ඉදිකළ රංගපීඨයයි.
  • 1977 වසරේදී විදුහල්පතිවරයාව සිටි  ජී. විජේතුංග මහතා බාලදක්ෂ කණ්ඩායම හා ශිෂ්‍ය භට කණ්ඩායම පාසලේ ස්ථාපිත කරන ලදී. එමෙන්ම පිට පළාත් වලින් පැමිණෙන ශිෂ්‍යයන් සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරද ආරම්භ කරන ලදී.
  • පාසල තුළ මහා පරිමාණ රුක් රෝපණ වැඩසටහන් ආරම්භ කල එතුමා ලංකා බැංකුවේ හිටපු පළාත් කළමනාකාර ඒ.එන්.ජී. රත්නපාල මහතාගේ මැදිහත්වීම මත 1984 දී ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන ලදී. 
  • හිටපු විදුහල්පති දිවියාගහ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ අවධියේ පාසලට අත්‍යවශ්‍ය අංගයක් වූ සරස්වතී රංග ශාලාව ඉදිකරන ලදී.
  • මධ්‍ය මහා විද්‍යාලයක් ලෙසද උසස් වූ මෙම පාසල වර්ෂ 1994 ජුනි මස පළමු වනදා පටන් ජාතික පාසලක් ලෙස නම් කෙරිනි.
  • 2011 වසරේ වාණිජ විෂය ධාරාව යටතේ අ.පො.ස (උ.පෙළ) විභාගයට මුහුණ දුන්  ඉෂාරා දිල්හාණි ගමගේ ශිෂ්‍යාව සමස්ත දිවයි‍නේම ප්‍රථමයා බවට පත්වෙමින්ද, එදා මෙදා තුර  අ.පො.ස (උ.පෙළ) විභාගයෙන් පාසල් විභාග අපේක්ෂකයකු ලබාගත් ඉහළම Z ලකුණට හිමිකම් කීමට සමත් කම්ද දැක්වූවාය.
  • ඩබ්. ජී. එරංගා රශිලා දුලක්ෂි ශිෂ්‍යාව මීටර් 3000 ස්ටෙපල් චෙස් ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී අතර ඇය 2010 වර්ෂයේ ආසියානු කණිෂ්ඨ ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමද එම ඉසව්වෙන් හිමිකරගෙන පාසලට ඉමහත් කීර්තියක් අත්කර දුන්නාය. තවද ඇය 2011 වර්ෂයේ ජාතික කණිෂ්ඨ ක්‍රීඩා උළෙලේ ප්‍රථම ස්ථානයද හිමිකරගත්තාය. ඉන් නොනැවතුන ඇය 2016 වර්ෂයේදී දකුණු ආසියාතික මළල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුළු මතින් පැනීම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනයටද වරම් ලබාගත්තාය.
  • 2012 වසරේ සිට 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම දෙවන කාණ්ඩය (Division II) දක්වා උසස් වූ අතර 13න් පහළ සහ 15/17න් පහළ කණ්ඩායම්, තුන්වන කාණ්ඩයේ සිට සමස්ත ලංකා ශූරතා 5ක් සහ අනු ශූරතා  දෙකක් ජයග්‍රහණය කරමින් පළමු කාණ්ඩය (Division I) දක්වා උසස් වන ලදී.
  • 2016 ජුලි 06 වන දිනට පාසලේ 80 වන සංවත්සරය යෙදී තිබූ අතර මේ වසර වන විට පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 2582 ක් වූ අතර සමස්ත ගුරු භවතුන් සංඛ්‍යාව 107 ක් විය. පාසලේ ගොඩනැගිලි සංඛ්‍යාව 52 ක් වූ අතර නව වැසිකිළි සංකීර්ණයක් ඉදිකරන ලදී.

School Map

Videos Collection

දෙබරවරව මැදි විදුහලේ…

Sing By – Janaka Dilantha | Nishadi Sewwandi | Sajith Priyankara

Music – Janaka Dilantha

Lyrics – P. K. Priyadarshana

Video – Chathura Mahesh | Vimukthi Deshapriya

VFX – DNC Media Unit

Published in – 2016




School Anthem – පාසල් ගීතය

තනුව, පද රචනය හා මුල් ගායනය හිටපු සංගීතාචාර්යය ස්ටීවන් මහතා

Video Edited by Januda Pasandul – 10 B
Video Production & Live Stream Team | Media Unit 2023
Drone Footages from Chathura Mahesh