About Us Briefly
Establized: 2001 October
Members: 130 Students
Current MIC: Mr. Janaka Dilantha (0719206418)
Email: mediaunit@debarawewacollege.lk
Social Media Profiles:
Facebook | YouTube | Instagram | Github | Twitter | LinkedIn | Web
ඉතිහාසය - දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය(ජාතික පාසල) – මාධ්‍ය ඒකකය
හ/දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලීය මාධ්‍ය සමාජය 2001 වර්ෂයේ ඔක්තෝබර් මස ආරම්භ කරන ලදී. පසුව “දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලීය මාධ්‍ය සමාජය” යන්න “සිදැස මීඩියා” ලෙස හදුන්වන ලදී.
මාධ්‍ය සමාජය ආරම්භ කිරීම
ගුරුවරයා – N. ෂෙල්ටන් ජයසිංහ |විදුහල්පති – W. අබේසිංහ|කාලය – 2001 ඔක්තෝබර්
ආරම්භක සමාජික සංඛ්‍යාව 93 කි . සාමාජික හැදුනුම්පත් ජාතික අධ්‍යාපන ආයතනයේ ලියාපදිංචි කර නිකුත් කරන ලදී. එම කාලයේදී ගුවන්විදුලි , රුපවාහිනි හා පුවත්පත් වාර්තාකරණය පිළිබද තෙදින පුහුණු වැඩමුලුවක් ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් සම්බන්ධ කරගෙන පවත්වන ලදී.
දකුණු පළතේ ප්‍රථම වරට ශිෂ්‍ය පාර්ලිමේන්තුව ආරම්භ කරන ලද්දේ “සිදැස මීඩියා” මගිනි. එම පාර්ලිමේන්තුව සැසිවාර 3ක් පවත්වන ලදි.
“සිදැස” මාසික පුවත්පත ආරම්භ කරන ලද්දේ 2002 වර්ෂයේ දී එය අඛණ්ඩව කලාප 3 ක් පවත්වන ලදි.
“සොරොව්ව” නමින් මාසික බිත්ති පුවත්පත ද ආරම්භ කරන ලදී.
එක් එක් අංශවල ගොඩනැගිලි ඉදිරිපිට කියවීම් මේස තබා දිනපතා ප්රවෘත්ති පත්‍ර ඒ වෙත ලබා දෙන ලදී. දිනපතා උදේ 8.00 – 8.10 අතර කාලය තුළ පත්තර සිරස්තල ඉදිරිපත් කරන ලදී.
පුවත්පත් මේස ක්‍රියාත්මක කිරීම පිළිබඳව එවක ජාතික අධ්‍යාපන ආයතනයේ ව්‍යාපෘති අධ්යක්ෂ බන්දුල පී. දයාරත්න මහතා විසින් ඇගයීමට ලක් කර ඇත.