History

විදුබිමේ ඉතිහාසය කෙටියෙන්…

  • ආරම්භය- 1936 ජූලි 06 දින
  • විදුහලේ ආදි කතෘ – ඩී. ඩී. සේනානායක මුහන්දිරම් තුමා
  • ආරම්භක විදුහල්පති(මුල් ගුරුතුමා) –  එස්. ජී. එස්. නන්දිසේන මැතිතුමා.
  • මුල් ගුරුතුමිය – ටි.කේ. රොසලින් මැතිණිය
  • පළමු ශිෂ්‍යයා –  ආර්. පී. පැන්ටිස් මහතා
  • ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 26යි
  • රජයට පවරා ගත් දිනය 1938 මැයි දෙවෙනිදා ( හ/දෙබරවැව ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාව)
  • 1946 අගෝස්තු විසින් 29 දින ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයය පියා සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා දෙබරවැව ජාතික පාසලට සම්ප්‍රාප්ත වී ඇත
  • 1948 පෙබරවාරි 4 දින ඩී.ඩී. සේනානායක මුහන්දිරම් තුමා විසින් ශ්‍රී ලංකාවේ පළමු ජාතික දිනය අඛණ්ඩ වෙඩි මුර විසි එකක් පවත්වා විදුහල් බිමේ දී සමරන ලදි.
  • 1960දී දෙබරවරව මිශ්‍ර පාසල දෙබරවැව මහා විද්‍යාලය බවට පත්විය.
  • 1962දී සේනානායක මහා විද්‍යාලය ලෙස නම් කෙරිණි.
  • 1977දී මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්වීම.
  • 1994 දී ජාතික පාසලක් බවට පත් කිරීම්.

දෙබරවැව මං සන්ධියේ තමා සතු ඉඩම පරිත්‍යාග කර දරුවන්ගේ නුවණැස පාදන්නට අදිටන් කළ විදුහලේ ආදි කතෘ – ඩී. ඩී. සේනානායක මුහන්දිරම් තුමා උත්තුංග පුණ්‍ය කර්මය හේතුවෙන් අද මාගම්පුර මහා තක්සලාව වන දෙබරවැව ජාතික පාසල ශ්‍රී ලංකාවේ ප් ප්‍රසිද්ධ පාසල් ලේඛණයේ ඉහළින් වැජඹෙයි.

පාසලේ ඓතිහාසික විකාශය

• 1936 ජුලි 06 දින ඩී.ඩී. ‍ සේනානායක මුහන්දිරම් මහතා විසින් නැසීගිය ම පුතු නීතීඥ බී. සී. සේනානායක මහතා සිහිවීම පිණිස මා සතුවූ ‍ පෞද්ගලික ඉඩමක මෙම පාසල ආරම්භයට කටයුතු කර ඇත.
• ශිෂ්‍ය ශිෂ්‍යාවන් 26 දෙනෙකුගෙන් ඇරඹි පාසලේ මුල් ගුරුතුමා වී ඇත්තේ එස්.ජී.එස්. නන්දසේන ගුරු
මහතාය. ටී.‍කේ. රොසලින් මහත්මිය පළමු ගුරුතුමිය වූ අතර ආර්. පී. පැනසිස් මහතා පාසලට ඇතුළත් වූ පළමු ශිෂ්‍යයා විය.
• 1938 මැයි 02 දින පාසල රජයට පවරා ගෙන “දෙබරවැව ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාව” ‍ලෙස නම් කරන ලදී.
• 1946 අතගෝස්තු 29 දින සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කනනන්ගර මැතිතුමා මෙම පාසලට පැිණ “දෙබරවැව කනිෂ්‍ඨ විද්‍යාලය” ලෙස මෙම පාසල උසස් කර ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් ඉගැන්වීම ආරම්භ කර ඇත.
• 1960 වසරේ දී “රුහුණු මහා විද්‍යාලය” ලෙස පාසලේ නම වෙනස් කර නැවත 1962 වසරේදී ආදි ශිෂ්‍ය යෝජනාවක් අනුව “සේනානායක මහා විද්‍යාලය” ලෙස නම් කර ඇත.
• 1970 වසරේදී විදුහල්පතිවරයාව සිිටි ආර්. බී. සූරසේන මහතා පාසලේ එළිමහන් රංගපීඨයක් ඉදි කරන
ලදී. පාසලේ උසස් ‍පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කලේ එතුමාය. වර්ථමානයේ ආර්. බී. සූරසේන අනුස්මරණ එළිමහන් රංගපීඨය ලෙස නම්කර ඇත්තේ එතුමා මුල්වී වී ඉදිකළ රංග පීඨයයි.
• 1977 වසරේදී විදුහල්පති වරයා සිටි ජී. විජේතුංග මහතා බාලදක්ෂ කණ්ඩායම හා ශිෂ්‍ය භට
කණ්ඩායම පාසලේ ස්ථාපිත කරන ලදී. එමෙන්ම පිට පළාත් වලින් පැමිණෙන ශිෂ්‍යයන් සඳහා ශිෂ්‍ය නේවාසිකාගාර ආරම්භ කරන ලදී.
• පාසල තුළ මහා පරිමාණ රුක් රෝපණ වැඩසටහන් ආරම්භ කල එතුමා ලංකා බැංකු හිටපු පළාත්
කළමනාකාර ඒ.එන්.ජී. රත්නපාල මහතාගේ මැදිහත්වීම මත 1984 දී තලෙර් ත්‍රෝබෝල් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන ලදී.
• හිටපු විදුහල්පති දිවියාගහ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ අවධියේ පාසලට අත්‍යවශ්‍ය අංගයක් වූ සරස්වතී රංග ශාලාව ඉදිකරන ලදී.
• මධ්‍ය මහා විද්‍යාලයක් ලෙස උසස් වූ මෙම පාසල වර් ෂ 1994 ජුනි මස පළමු වනදා පටන් ජාතික පාසලක් ‍ ලෙස නම් ‍කෙරිනි.
• 2011 වස‍රේ වාණිජ්‍ය විෂය ධාරාව යටතේ අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දුන් ඉරේෂා දිල්හානි ගමගේ ශිෂ්‍යාව සමස් දිවයිනේම ප්‍රථමයා බවට පත්වෙමින්ද, එදා මෙදා තුර අ.පො.ස උසස් පෙළ
විභාගයෙන් පාසල් විභාග අපේක්ෂ්‍කයකු ලබාගත් ඉහළම Z ලකුණට හිිකම් කීමට සමත් කම් දැක්වීමය.
• ඩබ්. ජී. එරංගා රශිලා දුලක්ෂි ශිෂ්‍යාව මීටර් 3000 ස්ටෙපල් චෙස් ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවකට හිමිකම් කී අතර ඇය 2010 වර්ෂයේ ආසියානු කණිෂ්‍ඨ ක්‍රීඩා උලෙළේ රිදී පදක්කම එම ඉසව්වෙන් හිිමිකරගෙන පාසලට ඉමහත් කීර්-තියක් අත්කර දුන්නාය. තවද ඇය 2011 වර්-ෂයේ ජාතික කණිෂ්‍්ඨ ක්‍රීඩා උළෙලේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තාය. ඉන් නොනැවතුන ඇය 2016 වර්-ෂයේදී ආසියාතික මළල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඬුළු මතින් පැනීම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නිතයෝජනයට වරම් ලබාගත්තාය.

• 2012 වසරේ සිට 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම තෙවන කාණ්ඩය (Division II)  උසස් වූ අතර 13න් පහළ සහ 15/17න පහළ කණ්ඩඩායම්, තුනවන කාණ්ඩඩතේ සිට සමස් ලංකා ශූරතා 5ක් සහ අනු ශූරතා
දෙකක් ජයග්‍රහණය කරමින් පළමු කාණ්ඩඩය (Division I)  දක්වා උසස් වන ලදී.
• 2023 ජුලි 06 වන දිනට පාසතේ 87 වන සංවත්සරය යෙදී තිබූ අතර එය ආගමික වතවෙත් සඳහා මුල්තැන දෙමින් සිදු කෙරිනි. 

• 2023 වසර වන විට පාසලේ සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාව 3,000 ඉක්මවූ අතර සමස්ථ ගුරු භවතුන් සංඛ්‍යාව 110 පමණ ක් වේ. 

 

 

An Article from Sunday Times Newspaper 

Providing quality education is Debarawewa Central’s goal

H/Debarawewa Central College(National School) stands as the only National School in the Tissamaharama Education Zone in the Hambantota District. It has enriched the community by providing quality education and obtaining extraordinary results in public examinations.

Debarawewa Central was established in 1936 by then village leader Mr.D.D. Senanayake to commemorate his late son. It was firstly known as Debarawewa Vidyalaya and there were only 35 students and three teachers. In 1944 with the ideas of Dr.C.C. Kannangara, the English Government decided to establish ‘Central Colleges’, with the intention of providing Free Education to all children in Sri Lanka and in the process Debarawewa Vidyalaya too was promoted to Central College Status.

Gradually Debarawewa Central became one of the best schools which provided the largest number of students who passed G.C.E (O/L) and G.C.E (A/L) under the guidance of several principals who headed the school from time to time.

Today there are more than 2300 students getting quality education under the guidance of 85 teachers.

The school provides many facilities to improve the knowledge of the students. The Information and Communication Technology Unit, Physical Education Unit, Library Unit and Language Unit are some of them. Moreover, several organizations have been formed and their movements are conducting very useful programs for the benefit of the school. The societies function as a platform for children who are aspiring to be leaders in the Society they live. The Cadet Corp, Environmental Corp and First Aid Unit movements give their full support to the school and society.

Since 2009, G.C.E.  (O/L) section has been an asset to the school, which always manages to produce extraordinary achievements with more than 72% qualifying for their Advanced Level. Also, Debarawwewa C.C has produced excellent results in G.C.E.(A/L) with the help of capable graduate tutors. In 2011, three brilliant students obtained 3 A’s with high rankings. Ishara Dilhani Gamage came first in the whole island from the Commerce stream, M.L. Nissansala Lakshani came first in the Hambanthota District in the Arts stream and W. Achini Kosala was placed third in the Hambanthota District in the Commerce stream which is indeed a remarkable academic feat. In G.C.E. (A/L), annually, a large number of students enter the University.

Debarawewa National College has gained a reputation for their extracurricular activities too. Sport is one of the fields where these students have shone. W.G. Eranga Rashila Dulakshi, the Sri Lankan record holder of the 3000 m steeplechase bagged a silver medal at the Asian Junior Athletics Meet 2010 and bagged first place in the National Junior Athletics Meet 2011. Suranga Lakmal, one of Sri Lanka’s national cricket team’s fast bowlers is a past pupil of Debarawewa C.C.

The school has achieved glory in almost every sphere of activity especially in Aesthetics. They have bagged many National, Provincial level and Zonal level medals in Drama, Dancing, Music and Language Day competitions.

The College has so many societies and development programmes which gives students an opportunity to gain knowledge in various disciplines and also display their hidden talents and skills at public forum. They also give an opportunity for students to show their leadership qualities through cadetting and environmental activities while maintaining good discipline, programmes on social responsibility and community welfare is frequently implemented.

Under the guidance of the present Principal, Debarawewa C.C. reaped a huge amount of success in a life span of 76 years and shines as the best school in the zone. Paving a meaningful path to bring the school to the top in the Province is the common goal of the school administrators of.

Written to SundayTimes By Sujitha Miranda (Sunday June 17, 2012)

අනු අංකය

විදුහල්පතිවරුන්ධගේ නම්

ගසරවය ආරම්භ කළ දිනය

ගසරවය අවසන්ධ කළ දිනය

01

එස්. ජී. එස්. නන්දයස්න මො

1936-07-04

1946-08-16

02

ජී.සී. වීරසූරිෙ මො

1946-11-02

1950-05-03

03

එස්.වික්‍රමනාෙක ම ත්මිෙ

1950-05-03

1950-09-01

04

ආර්ෂ.ඒ.ද සිල්පවා මො

1950-09-01

1957-01-03

05

එස්.ඩී.එස්. ොපා මො

1957-01-03

1958-01-06

06

එල්ප.සී.ද සිල්පවා මො

1958-01-06

1958-12-31

07

යක්.ඒ. ජෙවික්‍රම මො

1959-05-05

1960-06-03

08

එස්.ෙසරත්න මො

1960-07-01

1960-09-05

09

ඒ.එච්.එස්.ජෙරත්න මො

1960-09-05

1961-03-13

10

යක්.වජිරඥාණ හිමි

1961-03-13

1961-05-29

11

එෆ්. ඒ. ජෙවර්ෂධ්‍න මො

1961-05-29

1961-12-29

12

එස්.සිරිබද්දනමො

1962-01-01

1962-07-01

13

වී.පිෙතිලක මො

1962-08-08

1967-01-01

14

යේ.අයේසිාං මො

1967-07-04

1968-06-06

15

ඩී.ජී.පිෙයස්න මො

1968-08-16

1968-09-04

16

යේ.යක්.ඊ. තිලකරත්න මො

1968-09-04

1969-05-03

17

රන් ආරිෙදාස මො

1969-06-01

1970-06-05

18

ඒ.එච්.යේ.අලුත්වල මො

1970-06-01

1970-08-12

19

ර්ෂ.බී.සූරයස්න මො

1970-09-01

1976-06-14

20

ඒ.ජී.ඩේ.සිරියස්න මො

1976-06-15

1977-11-02

21

ජී. වියේතුාංග මො

1977-11-03

1992-03-12

22

දිවිොග  ඥානානන්ද හිමි

1992-03-12

1996-07-01

23

එච්.ඒ. පිෙයස්න මො

1996-07-15

2000-07-29

24

ඩේ.ඒ. අයේසිාං  මො

2000-07-29

2009-05-28

25

යක්.එච්. කමලසිරි මො

2009-05-28

2011-06-06

26

යක්.ඒ.ඩී. කරුණාරත්න මො

2011-06-06

2015-10-28

27

එේ. එල්ප. ඩී. ජෙයද්ව මො

2015-10-28

2021.08.20

28

ආර්ෂ.ඒ. සමරවික්‍රම මො

2021.08.20

2021.10.13

29

ඩේ.ඒ. නිමල්ප මො

2021.10.13

2023.08.16

30

එේ.එේ.යක්. ධ්‍නුෂ්ක

2023.08.16

 දක්වා

Debarawewa Central 1
Board of Prefects in 2012
K.A.D.Karunarathna
Principal in 2012 : Mr.K.A.D.Karunarathna
The student who obtained good results in G.C.E.(A/L) examination, 2012 with Chamal Rajapaksa, Speaker of Parliament
The student who obtained good results in G.C.E.(A/L) examination, 2012 with Chamal Rajapaksa, Speaker of Parliament
Debarawewa Central 3
Members of the Staff in 2012
Debarawewa Central 4
The Eastern Band of the College in 2012
Debarawewa Central 5
Students who obtained highest rankings in G.C.E.(A/L) examination, 2012.

එදා සිට අද දක්වා අප ආ ගමන් මග (පාසලේ ආරම්භය හා ඉතිහාසය)

ඵෙතිහාසික රුහුණු මාගම්පුරවරයේ තිස්සමහාරාම, දෙබරවැව ගම්පියසේ විසූ ඩී.ඩී. සේනානායක මුහන්දිරම් මහතා විසින් නැසීගිය තම දයාබර පුතු නීතීඥ බී. සී. සේනානායක මහතා සිහිවීම පිණිස මාතර – කතරගම ප්‍රධාන මාර්ගයටත් වැල්ලවාය – කතරගම ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි ඔහු සතු අක්කර හතක පමණ මනරම් භූමි භාගයක ඉදිකල ගොඩනැගිල්ලක (වර්ථමානයේ ඩී.ඩී. සේනානායක ශාලාව) වර්ෂ එක්දහස් නවසිය තිස් හයේ ඇසළ මස සයවන දින සුභ මොහොතින් මෙම පාසල ආරම්භයට කටයුතු කර ඇත.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 26 ‍දෙනෙකුගෙන් ඇරඹි මෙම පාසලේ මුල් ගුරුතුමා වී ඇත්තේ එස්.ජී.එස්. නන්දසේන ගුරු මහතාය. ටී.කේ.රොසලින් මහත්මිය පළමු ගුරුතුමිය වූ අතර ආර්. පී. පැන්ටිස් මහතා පාසලට ඇතුළත් වූ පළමු ශිෂ්‍යයා විය. ස්වේච්ජාවෙන් පවත්වාගෙන ගිය පාසල ඉන් වර්ෂ දෙකකට පසු එනම් වර්ෂ 1938 මැයි දෙවන දින රජයට පවරා ගෙන “දෙබරවැව ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාව” ලෙස නම් කරන ලදී. එහිදී මුල් ගුරුතුමා ලෙස කටයුතු කල එස්.ජී.එස්. නන්දසේන මහතා ප්‍රථම  විදුහල්පතිවරයා ලෙස සේවයේ ස්ථිර කර ඇත.

එවකට 250 ක් පමණවූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සහ 10 ක් පමණවූ ගුරු මණ්ඩලයක් සිටි බවට ලේඛණගත සාක්ෂි පවතී. කාලය කෙමෙන් ගෙවී යද්දී දෙවන ලෝක යුද්ධය ඇරඹීම සමග පාසල අසල ද යුධ කඳවුරක් ඉදි වූ අතර එකල දරුණු ලෙස සරම්ප රෝගය පැතිර යද්දී පාසල වසා දැමීමට ද සිදුවිය.

වර්ෂ 1944 දී ආහාර නිෂ්පාදනය පිලිබඳ ගුරුවරයෙකු පාසලට පැමිණි අතර පාසල් වත්තේ හා අවට ඉඩම් හේන් ලෙස වගාකර ඇති අතර පාසල් අතර පැවැත්වූ වගා තරඟයෙන් ජයග්‍රහණය ලබා ඇත.
වර්ෂ 1946 අගෝස්තු විසිනව වන දින මෙම පාසලට අමරණීය දිනයකි. එදින නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්.කන්නන්ගර මැතිතුමා මෙම පාසලට පැමිණ “දෙබරවැව කනිෂ්ඨ විද්‍යාලය” ලෙස මෙම පාසල උසස් කර ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද විෂයන් ඉගැන්වීම ආරම්භ කර ඇත.
1948 වර්ෂයේ නිදහස් දිනයදා ඩී.ඩී. සේනානායක මුහන්දිරම්තුමා පාසලේ ජාතික කොඩිය ඔසවා ආචාර වෙඩිමුර තබා නිදහස ගාම්භීරව සමරා ඇත. එසේම එදින එතුමා ප්‍රදේශයේ අනිකුත් දානපතීන් හා එක්ව තවත් ශාලා දෙකක් හා ගුරු නිවාසයක් ද පාසලට දායාද කර ඇත.
කෙමෙන් ගුරු හා ශිෂ්‍ය සංඛ්‍යාව සහ අනෙකුත් භෞතික සම්පත් වර්ධනය වීමත් සමඟ වර්ෂ 1960 වසරේදී තවත් දිගු පියවරක් ඉදිරියට තැබූ දෙබරවැව කනිෂ්ඨ විද්‍යාලය, එවකට පැවති ගුරු දෙගුරු රැස්වීමක තීරණයක් මත “රුහුණු මහා විද්‍යාලය” ලෙස උසස් කරනු ලැබ ඇත. වර්ෂ 1962 වසරේදී ආදි ශිෂ්‍යයන්ගේ යෝජනාවක් අනුව නැවත “සේනානායක මහා විද්‍යාලය” ලෙස නම් කර ඇත.

වර්ෂ 1964 දී සෝල්බරි සාමිවරයාද මෙම පාසලට පැමිණ ඇති බවට වාර්ථා පවතී.
අද මෙන්ම අතීතයේද ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අප පාසල ප්‍රචලිතව පැවති අතර 1965 වර්ෂයේදී හුංගම විජයබා විදුහල සමඟද 1966 දී වීරකැටිය රාජපක්ෂ විදුහල සමඟද ක්‍රිකට් තරඟ පවත්වා ඇත. 1970 වසරේදී විදුහල්පතිවරයාව සිටි කලාකාමී විදුහල්පතිවරයෙකු වූ ආර්. බී. සූරසේන මහතා පාසලේ එළිමහන් රංගපීඨයක් ඉදි කරන ලදී.
පාසලේ උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කලේද එතුමාය. වර්තමානයේ ආර්. බී.සූරසේන අනුස්මරණ එළිමහන් රංගපීඨය ලෙස නම්කර ඇත්තේ එතුමා මුල් වී ඉදිකළ රංගපීඨයයි.

1977 කාලයේදී විදුහල්පතිවරයාව සිටි ජී. විජේතුංග මහතා බාලදක්ෂ කණ්ඩායම හා ශිෂ්‍ය භට කණ්ඩායම පාසලේ ස්ථාපිත කරන ලදී. එමෙන්ම පිට පළාත් වලින් පැමිණෙන ශිෂ්‍යයන්සඳහා ශිෂ්‍ය නේවාසිකාගාර ද එවකට ආරම්භ කරන ලදී. පාසල තුළ මහා පරිමාණ රුක් රෝපණ වැඩසටහන් ආරම්භ කල එතුමා 1984 දී ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන ලදී. 

පසුකලෙක විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කළ දිවියාගහ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ අවධියේ පාසලට අත්‍යවශ්‍ය අංගයක් වූ සරස්වතී රංග ශාලාව ඉදිකරන ලදී.

ආදායමක් උපයා දීමටද මෙම රංග ශාලාව දායක වේ. මධ්‍ය මහා විද්‍යාලයක් ලෙසද උසස් වූ මෙම පාසල වර්ෂ 1994 ජුනි මස පළමු වනදා පටන් ජාතික පාසලක් ලෙස නම් කෙරිනි.
වර්තමානයේ 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා දෙන දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයය උසස් පෙළ කලා, වාණිජ, විද්‍යා විෂය ධාරාවන්ට අමතරව මෑතක දී හඳුන්වා දුන් තාක්ෂණ වේදය විෂය ධාරාව උගන්වනු ලබන 1AB Super වර්ගයට අයත් දකුණු පළාතේ හම්බන්තොට අධ්‍යාපන කලාපයේ තිස්සමහාරාම හා ලුණුගම්වෙහෙර අධ්‍යාපන කොට්ඨාසයන්හි පිහිටි එකම ජාතික පාසලයි.

එදා මෙදා තුර පාසල ආ ගමන් මගෙහි විදුහලට තම සේවය කැපකල විදුහල්පති වරුන් ගණන 27 කි. වර්තමාන විදුහල්පති වරයා වශයෙන් එම්. එල්. ඩී. ජයදේව මහතා කටයුතු කරන අතර නියෝජ්‍ය විදුහල්පති වරුන් වශයෙන් ඩබ්.ඒ. නිමල් මහතා, ඒ.පී. සිරිල් මහතා සහ එම්.කේ.එච්.පී.එස්. වික්‍රමරත්න මහත්මිය කටයුතු කරති. සහකාර විදුහල්පති වරයා වශයෙන් අනුර ජයසූරිය මහතා කටයුතු කරයි. අක්කර දෙකකට වැඩි විශාල ප්‍රමාණයේ ක්‍රීඩා පිටිය, විද්‍යාගාර, බහු කාර්ය ඒකක, ක්ෂෙත්‍ර මධ්‍යස්ථානය, ශ්‍රවණාගාර, මහින්දෝදය දෙමහල් ගොඩනැගිල්ල හා තෙමහල් තාක්ෂණ පීඨයද ඇතුළුව ගොඩනැගිලි 40 කින් පමණ සමන්විත වේ.

සෑම වසරකම පාහේ අ.පො.ස (සා.පෙළ) මෙන්ම අ.පො.ස (උ.පෙළ) විභාග වලින් විශිෂ්ඨ ජයග්‍රහණ අත් පත් කරගන්නා පාසල් දරුවන්, නිරන්තරයෙන් දිස්ත්‍රික් කුසලතාවයන් අතරට මෙන්ම සමස්ථ දිවයි‍‍නේ ඉහළම කුසලතාවයන් අතරට ද එක් වෙයි. 2011 වසරේ වාණිජ විෂය ධාරාව යටතේ අ.පො.ස (උ.පෙළ) විභාගයට මුහුණ දුන් ඉෂාරා දිල්හාණි ගමගේ ශිෂ්‍යාව සමස්ත දිවයි‍නේම ප්‍රථමයා බවට පත්වෙමින්ද, එදා මෙදා තුර අ.පො.ස (උ.පෙළ) විභාගයෙන් විභාග අපේක්ෂකයකු ලබාගත් ඉහළම Z ලකුණට හිමිකම් කීමට සමත් කම්ද දැක්වූවාය.
එසේම එම්.එල්. නිසංසලා ලක්ෂානි සිසුවිය එම වර්ෂයේදීම කලා විශය ධාරාවෙන් හම්බන්තොට දිස්ත්‍රික් පළමු ස්ථානයද ඩබ්. අචිනි කෝසලා ශිෂ්‍යාව වාණිජ විශය ධාරාවෙන් හම්බන්තොට දිස්ත්‍රික් තෙවන ස්ථානයද දිනාගන සරසවි වරම් හිමිකරගත්තෝය.

ඩබ්. ජී. එරංගා රශිලා දුලක්ෂි ශිෂ්‍යාව මීටර් 3000 ස්ටෙපල් චෙස් ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන අතර ඇය 2010 වර්ෂයේ ආසියානු කණිෂ්ඨ ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමද එම ඉසව්වෙන් හිමිකරගෙන පාසලට ඉමහත් කීර්තියක් අත්කර දුන්නාය. තවද ඇය 2011 වර්ෂයේ ජාතික කණිෂ්ඨ ක්‍රීඩා උළෙලේ ප්‍රථම ස්ථානයද හිමිකරගත්තාය. ඉන් නොනැවතුන ඇය 2016 වර්ෂයේදී දකුණු ආසියාතික මළල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුළු මතින් පැනීම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනයටද වරම් ලබාගත්තාය.
මෑතක දී සිදු කරන ලද ලෝක ප්‍රකට සමීක්ෂණයකට අනුව පරිසර සුරක්ෂණය සඳහා කැපවූ ලොව බලවත්ම කාන්තාවන් සිව් දෙනා අතරට එක් වූ අචලා කොඩිතුවක්කු මහත්මිය මෙම පාස‍ලේ ආදි ශිෂ්‍යාවක් බව සිහිපත් කරනුයේ අභිමානයෙනි.

විශේෂයෙන් ක්‍රීඩා කටයුතු පිළිබඳව බොහෝ දෙනාගේ නිරන්තර අවධානයට පාත්‍ර වන පාසලක් බවට දෙබරවැව ජාතික පාසල ස්වකීය නාමය දිනෙන් දින වර්ධනය කරගනිමින් සිටී. සුවිශේෂී වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන පාසලක් බවට දෙබරවැව ජාතික පාසල පත්ව ඇති බැවින් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා‍වේ ඉතිහාසයෙන් බිඳක් මෙසේ සටහන් තබමි.
ලංකා බැංකුවේ හිටපු පළාත් කළමනාකාර ඒ.එන්.ජී. රත්නපාල මහතාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සහ හිටපු විදුහල්පති ජී. විජේතුංග මහතා ලෙදර් බෝල ක්‍රීඩාව ආරම්භයට කටයුතු කර ඇත. එතැන් සිට මේ දක්වා අඛණ්ඩව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් මෙහෙයවනු ලබන තරග සඳහා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වෙති.
2012 වසරේ සිට 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම දෙවන කාණ්ඩය (Division II) දක්වා උසස් වූ අතර 13න් පහළ සහ 15/17න් පහළ කණ්ඩායම්, තුන්වන කාණ්ඩයේ සිට සමස්ත ලංකා ශූරතා 5ක් සහ අනු ශූරතා දෙකක් ජයග්‍රහණය කරමින් පළමු කාණ්ඩය (Division I) දක්වා උසස් වන ලදී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඛණ්ඩව ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යන සහ පළමු කාණ්ඩය (Division I) යටතේ තරග වදින එකම විදුහල වන්නේ ද මෙම පාසලයි.

ජාතික තලය නියෝජනය කළ අපේ ක්‍රිකට් තරු

  • ජේ.ඒ. මහින්දරත්න

පළමු පෙළ ක්‍රීඩා සමාජ තරගාවලි ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම.

  • සුරංග ලක්මාල්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන වේග පන්දු යවන්නකු ලෙස ක්‍රීඩා කරයි.

  • ධනංජය මධුරංග ද සිල්වා

2016 වර්ෂයේ විස්සයි විස්ස ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි.

  • උදිත් මධුෂාන්

19න් පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි.

  • ඉරෝෂ් සමරසූරිය

23න් පහළ  ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියවු ක්‍රීඩකයකු ලෙස 2011 වර්ෂයේ මාලදිවයිනේ පැවති සාර්ක් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීම සහ පසුව“මුවර්ස්” ක්‍රීඩා සමාජයේ පළමු පෙළ ප්‍රිමියර් තරගාවලිය නියෝජනය කිරීම.

ක්‍රිකට් හා මළල ක්‍රීඩාවන්ට අමතරව කරාතේ සහ චෙස් ක්‍රීඩාවන් ඉගැන්වීම් සහ පුහුණු කිරීම් සිදුකරනු ලබන අතර ඒ සඳහා බාහිර සම්පත් දායකයින්ගේ සහයෝගය හිමි වේ. එම ක්‍රීඩාවන් මගින් ද සෑම වසරකම විදුහලට ජයග්‍රහණ රැසක් නිතැතින්ම හිමි වේ. නිරන්තරයෙන් මළල ක්‍රීඩා පිටියේ පෙරළිකාරන් වෙමින් පිටියේ සිය අණසක පතුරුවන විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සෑම වසරකම පාහේ හම්බන්තොට කලාප ශූරතාවට හිමිකම් කියන පාසල බවට දෙබරවැව ජාතික පාසල ඔසවා තබති. ඉන් නොනැවතී කළාප මට්ටමේ, සමස්ත ලංකා මට්ටමේ පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයන්ට පවා හිමිකම් කීමට ඔවුහු සමත් කම් දක්වති.
දෙබරවැව ජාතික පාසලෙහි සක්‍රිය ශිෂ්‍ය භට කණ්ඩායමක් ක්‍රියාත්මක වන අතර එය හිටපු විදුහල්පති කපිතාන් කේ.ඒ.ඩී. කරුණාරත්න මහතාගේ කාලයේදී ශිෂ්‍ය භට කණ්ඩායම වඩාත් දියුණු තත්වයට පත් කෙරිණි.

පාසලේ නිරන්තර උන්නතිය උදෙසා ආදි ශිෂ්‍ය සංගමයෙන් ලැබෙන දායකත්වය සුවිශේෂී සක්‍රිය ක්‍රියාවලිය පිටුපස නිරතුරුවම ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගය සහ දායකත්වය කැපී පෙනෙන අතර එය විදුහලට ඉමහත් ශක්තියක් ව පවතී.

උපුටා ගැනීම- වාර්-ෂික වාර්-ථාව 2016

********